ටෙලිකොම් නව සභාපති රියාස් මියුලර්

180

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් මහතා පත්කර තිබේ.

නව සභාපතිවරයා පත් කිරීමට ඊයේ (20දා) පෙරවරුවේ රැස්වූ ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මත කරගෙන ඇත.

එහිදී ටෙලිකොම් සභාපති ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු මහතා වෙනුවට රියාස් මියුලර් මහතා අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් නව සභාපති වශයෙන් පත්ව ඇත.

කේ.පී.එම්.ජී. හි මෙරට ප්‍රධානියා ද වන මියුලර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment