18 න් පහළ හොකී තරගාවලිය: බාලක සමශූරතාව ශාන්ත ජෝශප් වාස්ට සහ මාතලේ ශාන්ත තෝමස්ට

51

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මක කෙරුණු සමස්ත ලංකා පාසල් අවුරුදු 18 න් පහළ හොකී තරගාවලියේ බාලක සම ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත් විය. මෙවර තරගාවලියේ බාලිකා ශූරතාව වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල දිනා ගන්නා අතර වාරයේදී මාතලේ සංඝමිත්තා බාලිකා විදුහලට අනු ශූරතාව හිමි විය.

බාලක ‘පළඟ’ ශූරතාව සමව හිමි කර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මාතලේ සහිරා විදුහල සමත් වූහ. බාලිකා ‘පළඟ’ සම ශූරතාව තහවුරු කර ගැනීමට මහනුවර සීතාදේවී බාලිකා විදුහලට සහ නාවල ජනාධිපති බාලිකා විදුහලට හැකි විය. ‘බඳුන’ අංශයේ බාලක සම ශූරතාව මාතලේ ක්‍රිස්තුදේව සහ මහනුවර විද්‍යාර්ථ විදුහල් දිනා ගත්තේය. එකී බාලිකා ශූරතාව කොළඹ මියුසියස් විදුහලට ද අනු ශූරතාව කොළඹ විශාකා විදුහලට ද හිමි විය.

(අනුරුද්ධ)

advertistmentadvertistment
advertistmentadvertistment