සුවිශේෂී දීමනා හා ආකර්ෂණීය ප්‍රතිලාභ සමගින් සම්පත්කාඩ්ස් උත්සව සමයට සතුටු රැගෙන එයි

67

උත්සව සමයේ වාසි රැසක්

● වත්මන් ආර්ථික තත්ත්වයට සම්පත්කාඩ් වෙතින් විසඳුමක්

වත්මන් ආර්ථික තත්ත්වයට ක්‍රමානුකූල විසඳුම් ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කර තිබෙනවා. එහිදී කාඩ්පත් හිමියන් මුහුණ දෙන දුෂ්කරතාවයන් මනාව අවබෝධ කරගෙන සිටින අප කාඩ්පත් හිමියන්ගේ මූල්‍ය බර අවම කර ගැනීම වෙනුවෙන් උපාය මාර්ගික ක්‍රියා මාර්ග අනුගමනය කර තිබෙනවා. ඒ යටතේ අධ්‍යාපන, වෛද්‍ය හා රෝහල් වියදම් හා රක්ෂණ සේවාවන් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ සැලසුම් හඳුන්වා දීමට කටයුතු කර ඇති අප අත්‍යවශ්‍ය ගෙවීම් කළමනාකරණය වෙනුවෙන් අවශ්‍ය සහන ගනුදෙනුකරුවන් වෙත ලබා දීමටද කටයුතු කර තිබෙනවා. මීට අමතරව දිවයිනේ ප්‍රමුඛ පෙළේ හවුල්කරුවන් සමග එක් වෙමින් සතිපතා සුවිශේෂී සුපිරි වෙළෙඳසැල් දීමනා ලබා දීමට කටයුතු කර තිබීම තුළින්ද එදිනෙදා වියදම්වලදී ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් අත්වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

සෑම උත්සව සමයක්ම ප්‍රීතිමත් හා අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීම වෙනුවෙන් සුවිසල් ප්‍රතිලාභ සිය ගනුදෙනුකරුවන් වෙත ගෙන එනු ලබන සම්පත්කාඩ්ස් මෙවරද උදා වන උත්සව සමය වෙනුවෙන් ද සුවිශේෂී වට්ටම් හා දීමනා ලබා දීමට සැදී පැහැදී සිටියි. සම්පත් කාඩ්පත් හිමියන්ගේ ජීවිතයට නව අරුතක් එක් කරමින් ගනුදෙනුවලට එහා ගිය සම්බන්ධතාවක් සමගින් ඔවුන්ගේ ජීවන රටාව ඉහළ නැංවීම සම්පත්කාඩ්ස්හි අරමුණයි. සම්පත්කාඩ්ස් මෙම උත්සව සමය වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත ගෙන එනු ලබන මේ සුවිශේෂී දීමනා මොනවාද? ඒ වෙනුවෙන් සම්පත් බැංකුව සමග සම්බන්ධ වන වෙළෙඳනාම හා වෙළෙඳ ආයතන මොනවාද? මේ ඒ පිළිබඳව සම්පත් බැංකුවේ කාඩ් මධ්‍යස්ථාන සහකාර සාමාන්‍යාධිකාරී ශිරාන් කොස්සින්න මහතා සමග කළ පිළිසඳරකි.

සුවිශේෂී දීමනා හා ආකර්ෂණීය ප්‍රතිලාභ සමගින් සම්පත්කාඩ්ස් උත්සව සමයට සතුටු රැගෙන එයි

● සෑම වසරකම සම්පත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් තුළින් ගනුදෙනුකරුවන් වෙත ආකර්ෂණීය ප්‍රතිලාභ හා සුවිශේෂී වට්ටම් ලබාදීමට කටයුතු කරනවා. මේ වසරේ ඒ සඳහා වන සූදානම කෙබඳුද ?

ඔව්. සම්පත්කාඩ්ස් විදියට අපි සෑම වසරකම උත්සව සමයේදී අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ආකර්ෂණීය දීමනා සහ ප්‍රතිලාභ ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ තුළින් ගනුදෙනුකරුවන්ට තමන්ගේ අවශ්‍යතා සපුරා ගනිමින් සැලකිය යුතු ඉතිරියක් තමන් සතු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය කිරීම අපගේ අරමුණයි. මේ දෙසැම්බරයේදීත් අපි පාරිභෝගික භාණ්ඩ සඳහා මෙන්ම, ඇඳුම්, සුපිරි වෙළෙඳසැල්, පොත් පත්, තෑගි, ඔරලෝසු, ව්‍යායාම, ස්වර්ණාභරණ, ඇස් කණ්ණාඩි, ශ්‍රවණාධාර, ළදරු හා ළමා නිෂ්පාදන, පාවහන්, අධ්‍යාපන, රථ වාහන සේවා, ආහාර, සෞඛ්‍ය සේවා, ඔන්ලයින් නිෂ්පාදන හා සේවා, විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ, නිවාස ආරක්ෂණ සහ හෝටල් පහසුකම් වැනි සියලු අංශයන් සඳහා 50%ක් දක්වා වට්ටම් සහිත ප්‍රතිලාභ අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන බව සතුටින් මතක් කළ යුතුයි.

● ගනුදෙනුකරුවන් තමන්ගේ එදිනෙදා ගනුදෙනු සඳහා සම්පත්කාඩ්ස් පමණක් තෝරාගත යුත්තේ ඇයි ?

ඇත්තටම සම්පත් කාඩ්පතක් හුදු ගනුදෙනුවක් සඳහාම වන තෝරා ගැනීමක් නෙවෙයි. වගකිව යුතු තෝරා ගැනීමක් ලෙස අප නිරන්තරයෙන් පිළිගන්නා එය ඵලදායී බැංකු අත්දැකීමක් ලබා ගැනීම සඳහා වන කදිම අවස්ථාවක් ලෙස නම් කළ හැකියි. අනිවාර්ය ගාස්තුවකින් තොර සම්පත්කාඩ්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හවුල්කරුවන් සමග එක් වෙමින් ගනුදෙනුකරුවන් වෙත වසර පුරා සුවිශේෂී ගනුදෙනු සිදුකිරීමේ හැකියාව උදා කර දී තිබෙන්නේ තමන් වියදම් කරන මුදලට ඉහළම ප්‍රතිලාභ ඔවුන් වෙත ලබා දෙමිනුයි. සම්පත්කාඩ්ස් Visa, Mastercard හෝ American Express යන ඕනෑම ආකාරයකින් තෝරා ගැනීමේ පහසුවද සම්පත් බැංකුව විසින් උදා කර දී තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකියි.

● සම්පත්කාඩ්ස් තුළින් ගනුදෙනුකරුවන්ට සැලසෙන අනෙකුත් ප්‍රතිලාභ පිළිබඳව මතක් කළොත් ?

මම මුලින් සඳහන් කළ පරිදි සම්පත්කාඩ්ස් සාමාන්‍ය ගෙවීමක් ඉක්මවා යන ගනුදෙනුවක්. ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාව ඉහළ නැංවීම පමණක් නොව තමන්ගේ එදිනෙදා ගනුදෙනු පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව උදාකර දී ඇති සම්පත්කාඩ්ස් ශ්‍රී ලාංකේය ජීවන රටාවන් සමග පහසුවෙන් සම්බන්ධ වන අගය එකතු කිරීම් ලබා දීමටද කටයුතු කර තිබෙනවා. එපමණක් නොව ආර්ථික ප්‍රතිලාභයන්ගේ සිට ත්‍යාග දක්වා බොහෝ දේ ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සම්පත්කාඩ්ස් නිරන්තරයෙන් කටයුතු කරන බව මෙහිදී මතක් කළ යුතුයි.

● රට තුළ ක්‍රියාත්මක වත්මන් ආර්ථික තත්ත්වය මත බොහෝ ශ්‍රී ලාංකිකයින් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය අඩු කරමින් සිටිනවා. මෙම තත්ත්වයට සම්පත් බැංකුවේ විසඳුම කුමක්ද?

එවන් තත්ත්වයක් දැකිය හැකි වුවත් ඒ සඳහා ක්‍රමානුකූල විසඳුම් ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කර තිබෙනවා. එහිදී කාඩ්පත් හිමියන් මුහුණ දෙන දුෂ්කරතාවයන් මනාව අවබෝධ කරගෙන සිටින අප කාඩ්පත් හිමියන්ගේ මූල්‍ය බර අවම කර ගැනීම වෙනුවෙන් උපාය මාර්ගික ක්‍රියා මාර්ග අනුගමනය කර තිබෙනවා. ඒ යටතේ අධ්‍යාපන, වෛද්‍ය හා රෝහල් වියදම් හා රක්ෂණ සේවාවන් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ සැලසුම් හඳුන්වා දීමට කටයුතු කර ඇති අප අත්‍යවශ්‍ය ගෙවීම් කළමනාකරණය වෙනුවෙන් අවශ්‍ය සහන ගනුදෙනුකරුවන් වෙත ලබා දීමටද කටයුතු කර තිබෙනවා. මීට අමතරව දිවයිනේ ප්‍රමුඛ පෙළේ හවුල්කරුවන් සමග එක් වෙමින් සතිපතා සුවිශේෂී සුපිරි වෙළෙඳසැල් දීමනා ලබා දීමට කටයුතු කර තිබීම තුළින්ද එදිනෙදා වියදම්වලදී ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් අත්වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

● උත්සව සමයකදී ගනුදෙනුකරුවන් බොහෝ විට සාප්පු සවාරි සඳහා වැඩි වශයෙන් උනන්දුවක් දක්වනවා. මේ වෙනුවෙන් සම්පත් කාඩ්ස් ලබා දී ඇති සහනය කුමනාකාරද?

සියලු දෙනාගේ සතුට, සැනසීම ඉහළින්ම අත්විඳින කාලයක් වන උත්සව සමය අපගේ ගනුදෙනුකරුවන් හට වගකීම් සහිත තේරීමක් තුළින් අමතක නොවන උත්සව සමයක් බවට පත් කිරීම අපගේ අරමුණ වී තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ සියලු අවශ්‍යතාවන්හිදී ආකර්ෂණීය වට්ටම් සහ දීමනා ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. නිරන්තරයෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිතැඟි පරිදි සාප්පු සවාරිවල යෙදෙමින් කැමතිම දේ තමන් සතු කර ගැනීමට අවශ්‍ය හැකියාව වගේම ඉතිරිය තුළින් උත්සව සමය තව තවත් සුන්දර කර ගැනීමේ හැකියාව සම්පත්කාඩ්ස් තුළින් උදාවන බව සඳහන් කළ හැකියි.

සුවිශේෂී දීමනා හා ආකර්ෂණීය ප්‍රතිලාභ සමගින් සම්පත්කාඩ්ස් උත්සව සමයට සතුටු රැගෙන එයි
advertistmentadvertistment
advertistmentadvertistment