මහජන බැංකුවේ මහජන මෙහෙවරින් බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ නවීකරණ කටයුතු සිදුකෙරේ

70

මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ රුපියල් මිලියන තුනක වියදමින් බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු රැසක් සිදුකිරීමට කටයුතු කරන ලදි.

මේ යටතේ වාට්ටුවල ඇඳන් 126ක් පින්තාරු කිරීම, වහළ අලුත්වැඩියා කිරීම්, කොරිඩෝ සහ වාට්ටු පින්තාරු කිරීම්, කොරිඩෝවල අලෝක පුවරු (Light Boxes) සවි කිරීම් ඇතු`ඵ නවීකරණ කටයුතු සහ අත්‍යවශ්‍ය උපකරණ ලබාදීම සිදුකරන ලදි.

මෙම ව්‍යාපෘතිය සිදුකර භාරදීම වෙනුවෙන් කෙටි උත්සවයක් පසුගියදා බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී පැවැත්විණි. මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහාය සේවා) නිපුණිකා විජයරත්න, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාර එම්.එස් කනක්ක හේවගේ, පුරහල ශාඛා කළමනාකාර ටිරල් ප්‍රදීප්, බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ පරිපාලන නිලධාරිනි එච්.පී.කේ.ප.ී කුමාරි, ප්‍රධාන විශේෂ ශ්‍රේණි හෙද නිලධාරිනි ඩබ්ලිව්.ඩී.පී.ඒ ජීවන්දර, වාට්ටු භාර හෙද සොහොයුරිය චමිලා රණතුංග යන මහත්ම මහත්මීන් ඇතු`ඵ රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment