හොරෙන් ගෙන්වූ ඔක්සිමීටර් 4,200ක් කටුනායකදී දැලේ

176

නීතිවිරෝධී ලෙස මෙරටට පෙට්ටි 21 ක අසුරා ආනයනය කර තිබූ රුපියල් 23,44,642 ක් වටිනා , ඔක්සි මීටර් 4,200 ක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තයෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී , එහි පිටවීමේ දොරටුවෙහි සේවය කළ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) දින අත් අඩංගුවට ගෙන , මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.

කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි නිශ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලියකියවිලි කීපයක් ඉදිරිපත් කර මෙම ඔක්සි මීටර් තොගය ශ‍්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ අංශයේ නිලධාරීන්ගෙන් නිදහස් කර ගෙන පිටව යමින් සිටියදී , එහි පිටවීමේ දොරටුවෙහි සේවය කළ රේගු නිනිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

එහිදී සිදු කළ විමර්ශන වලදී මෙම ඔක්සි මීටර් තොගය මෙරටට ආනයනය කිරීමට ශ‍්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොමැති වී තිබූ අතර , මෙම ඔක්සි මීටර් පිළිබඳව රේගු සටහන්කරයක් ද මොහු සතුව නොතිබුණි .එසේම මෙම ඔක්සි මීටර් තොගය සදහා රේගුව වෙත ආනයන බදු ද ගෙවා නොතිබුණි .

advertistmentadvertistment
advertistmentadvertistment