යතුරු පැදියකට පොලිසිය වෙඩි තබයි

211

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට අයත් බෝලගම, කොටගම හන්දියේ දී රඹුක්කන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් යොදා තිබූ මාර්ග බාධකය අසල අද අලුයම අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි තබා තිබේ.පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයාගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුව ඇති බවය.එලෙස තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න, රඹුක්කන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.අද අලුයම 3.15ට පමණ අදාළ සිද්ධිය සිදුව ඇත. තුවාලකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment