මහ රෑ ගෙයකට පැන කතකට අයුතු යෝජනාවක් කළ පොලිස් සැරයන් රිමාන්ඩ්

936

පොතුහැර ප්‍රදේශයේ නිවසකට පෙරේදා (07දා) රාත්‍රියේ බලහත්කාරයෙන් ඇතුල් වූ පොලිස් සැරයන්වරයකු එම නිවසේ කාන්තාවට අයුතු යෝජනාවක් කිරීම හේතුවෙන් එම පවුලේ උදවිය ඊට එරෙහිවීම නිසා ඔහු එම නිවසින් පලායෑමෙන් පසු පොතුහැර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම පොලිස් සැරයන්වරයාගේ සේවය ඒ මොහොතේම තහනම් කළ බව පොලිසිය කියයි.

මේ මොහොතේ පොලිස් සැරයන් අධික ලෙස මත්පැන් පානය කර සිටි බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබිණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment