ගුරුවරයාගේ ප්‍රහාරයෙන් ශිෂ්‍යයා රෝහලේ

467

අත්අඩංගුවට නොගත්තත් හතර වටෙන්ම පරීක්‍ෂණ

වවුනියාව නගරයේ පාසලක ගුරුවරයකු 10 වසරේ සිසුවෙකුට කනට හා කම්මුලට පහරදීම නිසා නාසයෙන් හා කටෙන් ලේ වැගිරෙන්නට වූයෙන් එම සිසුවාව

පෙරේදා (31 දා) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මේ පිළිබඳව සිසුවාගේ දෙමව්පියන් වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණිලි කොට ඇත. වවුනියාව දකුණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. අන්නමලර් මහත්මිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි.

එම පරීක්ෂණ වාර්තාව ලැබුණු වහාම අදාළ ගුරුවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පැවසුවාය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයද දැනුවත් වී තිබේ. මේ සියලු පාර්ශ්ව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන අතර ගුරුවරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිම නීතිමය පියවරක් ගෙන නොමැත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment