ආහාර හිඟයෙන් දුගී රටවල් බේරාගන්න ඇමරිකාවෙන් සැලසුමක්

301

ලෝක ව්‍යාප්තව පැතිරෙමින් පවත්නා ආහාර හිඟය කළමනාකරණය කර එම ආහාර හිඟයෙන් විය හැකි අන්තරාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු දුගී රටවල් බේරා ගැනීම සඳහා ඇමරිකානු මහ භාණ්ඩාගාරය කාර්ය සාධක සැලසුමක් සකස් කොට ඇත.

 මෙම කාර්ය සාධන කටයුත්ත සඳහා සහය දීමට ආසියානු සංවර්ධන බැංකුවද ඉදිරිපත් වී සිටින අතර ආහාර හිඟයෙන් පෙළෙන රටවල් කිහිපයක් සඳහා ඩොලර් මිලියන 154 ක හෙවත් රුපියල් බිලියන 54 ක ප්‍රදානයක් කිරීමට එකඟ වී ඇත. මේ අතර ජර්මනියේ යෝජනාවකට අනුව ගෝලීය ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා සංවර්ධනය වූ රටවල් හතේ කණ්ඩායම විසින්ද යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඇමරිකාවේ කාර්ය සාධන වැඩපිළිවෙළට අනුව යමින් ලෝකයේ ආහාර ආනයනය සහ අපනයනය වැඩි දියුණු කිරීම සඳහාත් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල ආහාර තොග පවත්වාගෙන යෑම සහතික කිරීමටත් කටයුතු කෙරෙනවා ඇත. ඉදිරි මාස 15 සඳහා දුගී රටවල ආහාර හිඟයක් ඇති නොවීමට ලෝක බැංකුව මගින් ඩොලර් බිලියන 12 යෝජනා ක්‍රම දැනටමත් පිහිටුවා තිබේ. මේ මගින් සිදුකරන්නේ ආහාර මිල වැඩිවීම කළමනාකරණය සඳහා සහනාධාර සැපයීමය. ඊට අමතරව ආහාර වගාව සඳහා වන වාරි කටයුතු වැඩිදියුණු කිරීම පිණිස දකුණු ආසියාවට ඩොලර් බිලියන 2.4 ක සහනාධාර ලබාදෙනු ඇත. මීට අමතරව සංවර්ධනය වෙන රටවල් 15 ක කෘෂි ව්‍යාපාරවලට අදාළ කුඩා සහ මාධ්‍ය පරිමාන ව්‍යාපාර 2800 කට ආර්ථික සහ බැංකු පහසුකම් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. මීට අමතරව සුළු ගොවියන් තුන් ලක්ෂයකට ඩොලර් මිලියන 450 ක ණය ප්‍රදානය කිරීමටද තීරණය කර ඇත. මේ තුන් ලක්ෂයෙන් සැලකිය යුතු ගොවීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටිති.

 ලෝක ආහාර කර්මාන්තයේ ඊළඟ දුෂ්කරතාව ලෙස සැලකෙන්නේ රසායනික පොහොරය. ඇමෝනියා, නයිට්‍රජන්, පොටෑෂ්, යූරියා පොස්ෆේට්, සල්ෆර් සහ නයිටේ්‍රට් වර්ගවල මිල බෙහෙවින් ඉහළ යමින් පවතී. ලෝකයේ ලොකුම පොහොර නිෂ්පාදකයා වන කැනඩාවේ නියුටි්‍රයන් ලිමිටඩ් සමාගම 2022 දී පොටෑෂ් නිෂ්පාදනය ටොන් මිලියනයේ සිට ටොන් මිලියන 15 දක්වා වැඩිදියුණු කරන බව ප්‍රකාශ අර ඇත.

 ලෝක කුසගිනි දර්ශකයේ තිබෙන රටවල් 135 අතුරින් 65 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ජාත්‍යන්තර වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ පන් ලක්ෂයක පමණ පිරිසක් දෛනිකව රුපියල් 1155 ක ආදායමක් ලබන අතිශය දිළිඳු තත්ත්වයට පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment