එස්.ඩී.අයි.ජී. ලා මාරු බෑ කීම නරක පූර්වාදර්ශයක්

284

පොලිස් කොමිසමේ සභාපති

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනකු වෙනුවෙන් ලබාදී ඇති ස්ථාන මාරුවීම් අනීතික බව කියමින් අභියාචනා ඉදිරිපත් කිරීම ඉතාම නරක පූර්වාදර්ශයක් බව ජාතික පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

මෙම නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා ආවරණ අනුමැතියක් ලබාදී ඇති බවද චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතිය ඇතිව ලබාදී ඇති මෙම මාරුවීම්වලට විරෝධය පළ කරමින් ඊට අවනත නොවීම නිසා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට ඉතාම නරක පූර්වාදර්ශයක් ලබාදෙන බව පොලිස් කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මෙම පොලිස් මාරුකිරීම් නතර කිරීමට කටයුතු කරන්නේ දැයි කළ විමසීමකදී චන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ එම මාරුවීම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment