කව්පි කන්න ආ සද්ධන්තයාට වෙඩි ප‍්‍රහාරයක්

306

වෙඩි තැබීමකින් මරණීය තුවාල ලබා සිටින ඇතින්නක ගල්ගමුව, මහනාන්නේරිය ප‍්‍රදේශයේ ගෙවත්තක වැටී සිටියදී සොයාගත් බව වනජීවී නිලධාරීහු කීහ.
 
 ගෙවත්තේ තිබූ කව්පි වගාවක් විනාශ කරමින් සිටියදී ඇතින්නට මෙලෙස වෙඩි තබන්නට ඇති බව වනජීවී නිලධාරීහු සැක කරති. ඇතින්නගේ හිසට වෙඩි වැදී ඇති බවත් වෙඩි වැදුණු ස්ථානයේම ඇතින්න බිම වැටී ඇති බවත් වනජීවී නිලධාරීහු කියති.
 
 වයස අවුරුදු 35ක් පමණ හා උස අඩි අටක් පමණ වන මේ ඇතින්නට කුඩා පැටවකු සිටින බවට සාධක තිබෙන බවද වනජීවී නිලධාරීහු පවසති.
 
 වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශු වෛi නිලධාරිනි දිනූෂා සිල්වා මහත්මිය තුවාල ලබා සිටි ඇතින්නට ප‍්‍රතිකාර ලබා දුන්නාය.

හූරිගස්වැව – ඒ. කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment