වැලිගම හෝටලයක සිදුවූ පිපිරීමෙන් තිදෙනකුට තුවාල

221

අවට තිබූ නිවසකට පූර්ණ හානි සිදුවෙද්දී තවත් හයකට අර්ධ හානි

අහංගම සුගතපාල දීයගහගේ, හබරාදුව – ඒ. එල්. ඒ ආරියරත්න, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්, මාතර අතිරේක – ලලිත් පද්මසිරි, වැලිගම – එන්. එන්. මුරුතවලගේ

වැලිගම, කප්පරතොට බණ්ඩරවත්ත ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක ඊයේ (04 දා) අලූයම ඇතිවූ පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

වැලිගම හෝටලයක සිදුවූ පිපිරීමෙන් තිදෙනකුට තුවාල

වැලිගම පොලිස් වසමේ කප්පරතොට, ඇවරියවත්ත ප‍්‍රදේශයේ මෑතක දී ඉදිකරන ලද සංචාරක හෝටලයක අළුයම 3:45 පමණ මෙම පිපිරීම සිදුවී ඇත. එම අවස්ථාවේදී හෝටලයේ හිමිකරුවන ආර්. පී. නුවන් (35) සහ ඔහුගේ පුතා වන විහඟ සත්සර (14) යන දෙදෙනා පමණක් එහි රැු`දී සිට ඇත. ඔවුන් දෙදෙනා අදාළ පිපිරීමත් සමග හෝටලයේ සුන්බුන් අතර සිරවී වීමෙන් තුවාල ලබා සිටිය දී අසල්වාසීන් විසින් හදිසි සේවා ගිලන් රථයකින් (1990) මාතර මහ රෝහල වෙත යැවීමට කටයුතු කර තිබේ. පිපිරීමත් සමග අසල තිබූ නිවසකට අලාභ හානි සිදුවීමෙන් එම නිවසේ නිදාගෙන සිටි කාන්තාවක් වන ඩබ්ලිව්. පී. නෙත්මිණි සකුන්තලා (31) තුවාල ලබා සිටියදී ප‍්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තවද මෙම පිපිරිමෙන් හෝටලයට සහ ආසන්නව පිහිටි නිවසකට පූර්ණ හානි සිදුවී ඇති අතර තවත් නිවාස හයකට අර්ධ හානි සිදුවී තිබිණි. හෝටලයේ නවතා තිබු යතුරු පැදියකට සහ හෝටලයේ තිබූ වටිනා කියන උපකරණ සියල්ල මෙම පිපිරීමෙන් විනාශයට පත්ව තිබිණි. පැවසුවේ ගෑස් සිලින්ඩරයක් පුපුරායෑමෙන් මෙම ගින්න හට ගන්නට ඇතැයි සැක කරන බවය. සිද්ධිය වාර්තාවීමත් සමග පොලිසිය පැමිණ ප‍්‍රදේශවාසින්ගේද සහාය ඇතිව ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත. මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ‍්‍රී දමින්ද මහතාගේ නියෝග මත දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා මෙහෙයවීම මත වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. එම්. අබේසේකර මහතාගේ උපදෙස් මත වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවති.

advertistmentadvertistment
advertistmentadvertistment