දෙරටක රූගත කළ ‘අයෝමි’ ළඟදීම

160

ස්විට්ටර්ලන්තයේ සහ ශ‍්‍රී ලංකාවේ රූගත කරන ලද ‘‘අයෝමි’’ ටෙලිනාට්‍යය ලබන සතියේ සිට ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වේ. විමල් අලහකෝන් සමග ශිරෝමි මාතරගේ සම නිෂ්පාදනයක් ලෙසින් නිමැවූ ‘‘අයෝමි’’ ටෙලිනාට්‍යයේ කතාව ගලා යන්නේ ධනය, බලය සහ අභිමානය හමුවේ ජීවිතය අවුල් කරගෙන පවුල් දෙකක් අතරට මැදිවන චරිත කිහිපයක සංකීර්ණ මනෝභාවයන් ඔස්සේය.

එහි නිරූපිත මර්වින් මන්චනායක ධනවත් පුද්ගලයකු වන අතර ඔහු තම බිරිඳ සහ දියණිය සමග ස්විට්ටර්ලන්තයේ ජීවත්වෙයි. මන්වින්ගේ දියණිය හෙසාරාය. කිණිෂ්ක නැමති තරුණයකු හෙසාරා සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකර ගන්නේ මන්වින්ගේ දේපල වලට තණ්හාවෙනි. ලංකාවේ ජීවත්වන කුවින්ටන්ස් මන්වින්ගේ හොඳම මිතුරාය. ඔහු මන්වින් ලංකාවේ සිටියදී මධ්‍යම පාන්තික තරුණියක වන මංගලිකා සමග ඇතිකරගත් අනියම් සබඳතාවකට උදව් කරන අතර එම සබඳතාවයෙන් මංගලිකාට අයෝමි නැමැති දියණියක් ලැබෙයි.

දෙරටක රූගත කළ ‘අයෝමි’ ළඟදීම

අයෝමි කතාව ඇරඹෙන්නේ මර්වින් සහ මංගලිකාගේ ඇසුරින් උපන් අයෝමි ස්විට්ටර්ලන්තයේ සිටින පියා වන මර්වින්ට ලියන ලද ලිපියක් මර්වින්ගේ බිරිඳ කැතරින් අතට පත්වීමෙනි.

‘‘අයෝමි’’ සුනන්ද පෙරේරා විසින් තිර කතාව ලියූවකි. මංගල පෙරේරාගේ කලා අධ්‍යක්ෂණයෙන්ද සරත් වික‍්‍රමගේ සංගීතයෙන්ද හැඩ වූ ‘‘අයෝමි’’ හි ශ‍්‍රීයානි අමරසේන, විමල් අලහකෝන්, ධනංජය සිරිවර්ධන, තිසුරි යුවනිකා, මොරින් චාරුණි, රත්නා ලාලනි, රංගන පේ‍්‍රමරත්න, සංකේත් වික‍්‍රමගේ, සුසන්තා චන්ද්‍රමාලි, අජිත් ලොකුගේ ඇතුළු තවත් නළු නිළියන් රැසක් චරිත නිරූපණය කර තිබේ.

තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment