අහසට ගිය එළවළු මිල ටිකක් පහළට

260

කැරට් රු.1500 යි බෝංචි රු.600 යි බීට් රු.800යි

ගෝවා රු.600 යි වට්ටක්කා රු.130යි ලීක්ස් රු.450යි

ගතවූ දින තුන හතරකට වඩා කැරට් ඇතුළු එළවළු මිලේ විශාල අඩුවක් ඊයේ (19 දා) දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ දක්නට තිබූ බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්. එම්. උපසේන මහතා ‘දිවයින’ට පැවසීය.

මීට දින තුන හතරකට උඩදී රුපියල් 2000 ත් 2800 ත් අතර මිලකට තිබූ කැරට් තොග කිලෝවක් ඊයේ දිනයේ රුපියල් 1500 ට අලෙවි වූ බව හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ අඩුවක් ඊයේ දිනයේද දක්නට තිබූ බවද ඒ මහතා කීය.

ලැබෙන එළවළු ප්‍රමාණයද ඉතා අඩු බවද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව ඊයේ දිනයේ බෝංචි තොග කිලෝවක් රුපියල් 600 කටද, බීට් රූට් කිලෝවක් රුපියල් 800 කටද, ගෝවා කිලෝවක් රුපියල් 600 කටද, රාබු කිලෝවක් රුපියල් 200 කටද, මාලු මිරිස් කිලෝවක් රුපියල් 700 කටද, වට්ටක්කා කිලෝවක් රුපියල් 130 කටද, තක්කාලි කිලෝවක් රුපියල් 300 කටද, වම්බටු කිලෝවක් රුපියල් 700 කටද, වැටකොලු කිලෝවක් රුපියල් 300 කටද, පතෝල කිලෝවක් රුපියල් 250 කටද, දඹල කිලෝවක් රුපියල් 400 කටද, දෙහි කිලෝවක් රුපියල් 200 කටද, අමු මිරිස් කිලෝවක් රුපියල් 800 කටද, බීලූනු කිලෝවක් රු 500 කටද, අල කිලෝවක් රුපියල් 300 කටද, මෑකරල් කිලෝවක් රුපියල් 400 කටද, තලනබටු කිලෝවක් රුපියල් 400 කටද, ඉඟුරු කිලෝවක් රුපියල් 1100 කටද, ලීක්ස් කිලෝවක් රුපියල් 450 කටද, අලු කෙසෙල් කිලෝවක් රුපියල් 300 කටද, කෙසෙල් මුව කිලෝවක් රුපියල් 120 කටද අලෙවි වූ බවද සභාපතිවරයා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment