බඩඉරිඟු වගාවේ සිටි ගොවියා ඇදගෙන ගොස් වෙඩි තබලා

100

ඔක්කම්පිටිය පොලිස් වසමට අයත් මාලිගාවිල ජනපදය ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි ගොවි මහතෙකු වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ඔක්කම්පිටිය පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ මාලිගාවිල ජනපදය පදිංචි ජේ.එම්. මුතුබණ්ඩා නමැති අයයි.

හෙතෙම ඉකුත් 26 වෙනිදා රාත්‍රී තම බඩඉරිඟු‍ වගාවට ගොස් සිටියදී නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඉන් දෙදෙනෙකු වාඩියේ සිට මීටර් සියයක් පමණ දුරට ඔහු ඇදගෙන ගොස් පහරදී ඇත.

ඒ සමඟම වෙඩි ශබ්දයක්ද ඇසී තිබේ.

පසුව තුවාලකරු අසල වගා බිමක අයෙකු විසින් රෝහල් ගතකර තිබේ.

පහරදී වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

තුවාලකරු දැනට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ සිරුරේ තිබී ඊයම් බෝල දෙකක් ශල්‍යකර්මයකින් පසු ඉවත්කර තිබේ.

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ආර්. සුමුදු ප්‍රසන්න මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment