පාස්කු ප්‍රහාරයට 37 දෙනකුට නඩු

222

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් පුද්ගලයන් 37 දෙනකුට අධිචෝදනා භාර දෙමින් නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට පියවර ගෙන තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවලදී තහවුරු වූ කරුණු මත පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම දායක වූ බවට හඳුනාගෙන ඇති සැකකරුවන් පිරිස හතළිහකට අධිකය.

ඉන් තිදෙනකු දැනට රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් පිරිස 750 කි.

මෙම පුද්ගලයන් අතරින් 370කට ආසන්න පිරිසක් ඇප මත නිදහස්ව ගොස් ඇති අතර තවත් 320 ක් පමණ පිරිසක් නීතිපති උපදෙස් මත නිදහස් කර ඇතැයි ද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

සහරාන් හෂීම් හා පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගිය අයෙක්ද ඒ අතර සිටියි.

එම පුද්ගලයා පාස්කු ඉරිදා ප්‍රහාරයට සතියකට පෙර විදේශගත වී ප්‍රහාරයෙන් පසුව යළි ශ්‍රී ලංකාවට පැමිණියෙකු බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment