ටැම්පිට විහාරාධිපති හිමියෝ අභිරහස් ලෙස අපවත් වෙලා

10518

මළ සිරුර තිබුණේ පාරේ
සරමක් හා ටීෂර්ට් එකක් ඇඳලා තොප්පියකුත් දාලා

හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී එම විහාරස්ථානයේ විහාරාධිපති වූ මුරුද්දෙනියේ සීලරතන හිමිගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.

උන්වහනසේ තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියෝ ද වූහ.

හැටහත් හැවිරිදි වියෙහි පසුවූ උන්වහන්සේගේ මළසිරුර ප්‍රදේශවාසීන්ගේ සහය මත පොලිසිය ඊයේ (12 දා) පෙරවරුවේ සොයාගෙන තිබේ.

මෙය ඝාතනයක් ද යන්න ස්ථිරව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බව හතරලියද්ද පොලිසිය පවසයි.

මියගිය හිමිනම පාරේ වැටී සිටි අවස්ථාවේදී සරමක් හා ටී ෂර්ට් එකක් ඇඳ තොප්පියක් පැළඳ සිට ඇත. හිමිනම රාත්‍රි කාලයේ කවුරුන් හෝ හමුවීමට විහාරස්ථානයෙන් පිටතට ගොස් තිබෙන අතර මෙය ඝාතනයක් බවට පොලිසිය සැක කරයි.

මියගිය හිමිනමගේ මළ සිරුර ආසන්නයේ තිබී එළවළු මල්ලක් ද පොලිසිය මගින් සොයාගෙන තිබේ.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment