ජනපතිතුමනි අපි ඔක්කොම එක අත්තේ…

1435

රුපියල් මිලියන 1500 ක වියදමින් ඉදි කළ රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (11 දා) විවෘත කළ අවස්ථාවේ හිටපු අධිකරණ අමාත්‍යවරිය මෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන තලතා අතුකෝරල මහත්මිය ජනාධිපතිවරයාට යමක් පැවසූ අයුරු…. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාද අසල සිටී.

ජනපතිතුමනි අපි ඔක්කොම එක අත්තේ…

නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් වූ සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සර්ව ආගමික ආශිර්වාද එක් කිරීම සිදු කෙරුණු අතර එහිදී බෞද්ධ ආගමික ආශිර්වාදයන් එක් කිරීම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, රත්නුපර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ රතනපාල ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේ විසින් සිදු කරන ලදී. ඇනිස්ටස් සංජන වීරරත්න පියතුමා කතෝලික ආගමික ආශිර්වාදයන් සිදු කළ අතර මුරුගන් පෙරුමාල් සාමිතුමන් හින්දු ආගමික ආශිර්වාදයන් සහ මොහොමඩ් සෆාන් මවුලමිතුමා ඉස්ලාම් ආගමික ආශිර්වාද එක් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජයක්‍ෂ, සබරගමුව පළාත් ආණ්ඩුකාර නීතිඥ නවීන් දිසානායක, රත්නපුර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ වසන්ත වීරසිංහ යන මහත්වරුන් නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් අදහස් පළ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment