යාපනයේ හා වවුනියාවේ ම`ගුල් කෑ 128ක් නිරෝධායනයට

155

යාපනයේ ගුරුනගර් ප‍්‍රදේශයේ නිවසක නිරෝධායන නීති කඩකරමින් පැවැත්වූ විවාහ මංගල උත්සවයක් වැටලූ යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මනාල යුවල ඇතුලූ 16 දෙනෙකු එම නිවසේදීම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.

 
 සෞඛ්‍ය නිලධාරීන් හා පොලිසිය එම නිවස වෙත ගමන් කළ අවස්ථාවේදී විවාහ මංගල උත්සවයට සහභාගී වෙමින් සිටි පිරිසක් පළාගොස් ඇති බව යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප‍්‍රකාශ කළ අතර පොලිසියේ සහය මත ඔවුන් අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද කියා සිටියේය. මේ අතර වවුනියාවේ තවසිකුලම් ප‍්‍රදේශයේ පුද්ගලයින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට අවසර ලබා ගත් විවාහ මංගල උත්සවයකට පුද්ගලයින් 100 කට වඩා වැඩි පිරිසක් සහභාගී වී සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. එම උත්සවය විවාහ උත්සව ශාලාවක පැවති නිසා ඊට සහභාගී වූ 112 දෙනෙකුට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය නිලධාරීන් උපදෙස් දී තිබේ.

 දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment