නොස්ට්‍රඩම්ස්ගේ අනාවැකි 2024 සැබෑවේවි ද?

3743

වසරක් ගෙවී වසරක් උදාවනවිට ක්‍රි.ව. 1555 දී ප්‍රංශ ජාතික නොස්ට්‍රඩමස් අනාවැකිකරු විසින් ප්‍රකාශයට පත් කරන ලද ස් ප්‍රොෆෙටිස් ( Les Prophéties / The Prophecie) නම් කෘතියේ පිටු පෙරළා බැලීමට සකල ලෝක වාසීන් ම බලා සිටින්නේ මහත් කුතුහලයෙනි. එයට හේතුව මේ වනවිට ඔහු විසින් පවසන ලද අනාවැකි බොහොමයක් සැබෑවී තිබීම ය. නැපෝලියන් ගේ හිට්ලර් ගේ බලවත් වීම, කෙනඩි ඝාතනය, ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරය, වැනි ඈත ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් වාගේම මෑත ඉතිහාසයේ දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවය ද අකුරට ම නිවැරැදිව නොස්ට්‍රඩමස් විසින් පළකර තිබිණි.

2023 දී සැබෑවුණු අනාවැකි

2023 වසරට ඔහු පළ කළ අනාවැකි කිහිපයක්ම සැබෑවී අවසන් ය. ජීවන වියදම ඉහළ යෑමෙන් ගෝලීය ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑම, මහා යුද්ධ, මිනිසා ඇතුළු සත්ත්ව ප්‍රජාව පීඩාවට පත්කරන දේශගුණ පෙරළි ඒ සැබෑ වුණු අනාවැකි අතරින් කිහිපයකි. රතු මකරා හෙවත් රුසියාව සිය බලය පැතිරීමේ හේතුවෙන් යුක්‍රේන . රුසියානු යුද්ධය හටගැනීම, ඊශ්‍රායල . ගාසා යුද්ධය, දේශගුණ විපර්යාස සහ යුද්ධ නිසා ලෝක ප්‍රජාවගෙන් විශාල සංඛ්‍යාවක් සාගතයෙන් පීඩා විඳීම ලොවම අත්දකියි.

2024 ගැන ඔහු පවසා ඇති අනාවැකි

නොස්ට්‍රඩමස්ට අනුව 2024 උදා වන්නේ ඇවිළෙන ගින්නට පිදුරු දමමිනි. එනම් පවතින ගෝලීය ගැටලු දෙගුණ තෙගුණ කරමිනි.

චීනය යුද වදියි?

චීනය මේ වනවිට ලොව ප්‍රබලම නාවික බලය හිමි රටවන අතර මේ වනවිටත් සාගරයේ බලපරාක්‍රමය පතුරවමින් සිටියි. 2023 වසරේ දී පිලිපීන නෞකා සමග දෙවරක්ම චීනය ගැටුම් ඇති කරගත් අතර පිලිපීනයේ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින බව අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පවසා තිබිණි. රුසියාව . යුක්‍රේනය, ඊශ්‍රායලය . ගාසා මෙන් නොස්ට්‍රඩමස්ට අනුව චීනය ද 2024 දී ලොව යුද්ධයෙන් පීඩාවට පත් කරන රාජ්‍යයක් බවට පත්වනු ඇත. එය බොහෝ දුරට සැබෑ වියහැකි බවට අනුමාන කළ හැක්කේ චීනයත් ඇමෙරිකාවත්, චීනය සහ තායිවානයත් අතර පවතින මත ගැටුම් හේතුවෙනි.

තෙවැනි චාල්ස් රජුට බලය අහිමි වේවි ද?

දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍යය පාලනය කළ රාජකීයයා බවට පත්වී සිටි දෙවැනි එළිසබෙත් මහ රැජන ගේ අභාවය සමග චාල්ස් කුමරු තෙවැනි චාල්ස් රජු ලෙස කිරුළු පැලඳුවේ ය. මේ වනවිට ඔහු රජු ලෙසින් සිය යුතුකම් සහ වගකීම් ඉටු කරමින් සිටිය ද ඔහුට බලය අත්හැර යෑමට සිදුවන බව නොස්ට්‍රඩමස් පවසයි. කිරුළේ ඊළග සැබෑ හිමිකරු, ඔටුන්න හිමි කුමරු ; විලියම් කුමරු වුව ද නොස්ට්‍රඩමස් ගේ අනාවැකියට අනුව රජ පවුලෙන් කොන් කළ සාමාජිකයකු වන හැරී කුමරුට කිරුළ හිමි වීමට බොහෝ දුරට ඉඩ තිබෙයි. විවිධ වැඩසටහන් මගින් කෘති මගින් රජ පවුලේ සාමාජිකයන්ට වාග් ප්‍රහාර සහ පෑන් පහර එල්ල කරන හැරී කුමරුට රජ පවුලේ මෙන්ම බ්‍රිතාන්‍යය වැසියන්ගේ ද මනාපය හිමිවී නැත. අනාවැකිය කුමක් වුවත් චාල්ස් රජුට සිහසුන අත් හැරීමට සිදුවන බවට පෙරනිමිති පහළ වී නොමැති බැවින් මෙහි සත්‍ය අසත්‍යතාව බැලීමට ලබන වසර අවසාන වන තෙක් බලා සිටීමට සිදු වෙයි.

දේශගුණ විපත්; මහ සාගතයක්

උදාවී තිබෙන්නෙ ලොව අන් කවර කාලයකදීටත් වඩා දේශගුණ විපත් අත්දකින කාලයකි. 2023 වසර ලොව වඩාත්ම උණුසුම් කාලගුණයක් වාර්තා වූ වසර ය. එමෙන්ම ගං වතුර, භූ කම්පන, නාය යෑම්, වසංගත, ගිනි කඳු පිපිරිම් විශාල ගණනක් අන්තර් ජාතිකව වාර්තා විය. නොස්ට්‍රඩාමස් දක්වා ඇති පරිදි 2023 වසරට ද වඩා 2024 වසරේ දී ලොවට නියඟය, ගං වතුර වැනි ස්වභාවික විපත් අත්දැකීමට සිදුවනු ඇත. ඔහු භයානක මුහුදු රැල්ලක් ගැන දක්වා තිබෙන අතර මහා සාගතයක් ගැන ද සඳහන් කර තිබෙයි. සමහරු පවසන්නේ සුනාමියක් කෘෂිකර්මයට බලපෑමෙන් බෝග විනාශ වී ආහාර හිඟයක් ඇති වියහැකි බවට අනතුරු අගවා ඇති බව ය.

අලුත් පාප්තුමෙක්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙම වනවිට 86 හැවිරිදි වියේ පසුවන අතර මෑතක දී රෝගාබාධ රැසකට ගොදුරු විය. නොස්ට්‍රඩාමස් පාප්වහන්සේ ගේ අභාවය සහ නව නායකත්වයක් පිළිබඳ සඳහන් කර ඇත. මේ පිළිබඳව විවිධ අර්ථකථන දැක්වෙමින් පවතියි. ඇතැම් අය පවසන්නේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේට පසුව වතිකානුවෙ බලය හීන විය හැකි බවයි.

කවුරුද මේ නොස්ට්‍රඩමස් ?

මයිකල් ඩී. නොස්ට්‍රඩමස් උපත ලැබුවේ ධනවත් යුදෙව් පවුලක ය. මහාමාරිය වසංගතය පැතිරීමේ හේතුවෙන් නොස්ට්‍රඩමස්ට වසරකට වැඩි කාලයක් සරසවි අධ්‍යාපනය ලැබීමට වරම් ලැබුණේ නැත. ඉන්පසු ඔහු ඇපොතිකරිවරයකු (ඔසු වෙළෙන්දකු / ඖෂධවේදියකු) ලෙස සේවය කළේ ය. පසුව ඔහු මොන්ට්පෙලියර් සරසවියට ඇතුළත් වුවත් ඔහු ගේ ඖෂධ වෙළෙඳාම නිසා සරසවියෙන් නෙරපා දැමිණි. එකල ඇපොතිකරිවරයකුට ජ්‍යොතිෂය හැදෑරීමට සිදු විය. ඒ අනුව ඔහු ද ජ්‍යොතිෂය හැදෑරීය. මහාමාරිය වසංගතයෙන් නොස්ට්‍රඩමස් ගේ පළමු බිරියත් දරුවන් දෙදෙනාත් මිය ගියහ. මහාමාරිය වසංගතය කාලයේ ඔහු වෛද්‍යවරුන් සමග තරගයට මෙන් මහාමාරියට ප්‍රතිකාර කිරීමට පෙළඹී තිබෙයි. ඔහු යළි විවාහ වී සයදරු පියකු බවට පත් විය. නොස්ට්‍රඩමස්ට ලෝ ප්‍රකට චරිතයක් වීමට පිඹුරුපත් සැකසුණේ 1549, 1550 සිට කාලගුණය, වගාවට සුදුසු කාල, වැසි කාල, නියං කාල පිළිබඳව තොරතුරු පළ කිරීමට පටන් ගත් පසු ය. පසුව ඔහු දිගින් දිගට ම විවිධ අනාවැකි ලිවීමට පටන් ගත්තේ ය. මියෙන තුරුම නොස්ට්‍රඩාමස් මෙම ක්‍රියාවලිය අත් හැරීයේ නැත. 21 වැනි සියවසට පා තැබූව ද ලොවම ඔහු ගේන අනාවැකි දෙස කුරුල්ලෙක් බලා සිටියි.

චම්පිකා දීපානි රණසිංහ
අන්තර් ජාලයෙනි

advertistmentadvertistment
advertistmentadvertistment