පුංචි ඡන්දය ගැන අද සාකච්ඡාවක්

80

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (10) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.ඒ අනුව අද දිනයේ දී එම සාකච්ඡාව ලබාදී ඇති අතර කොමිසමේ සියලු සාමාජිකයින් එම සාකච්ඡාව සඳහා සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment