පුටින්ට පහර දීමේ චෝදනා යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

224

රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ව ඝාතනය කිරීම ඉලක්ක කරගෙන රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රෙම්ලින් ජනපති මැඳුරට එල්ල කරන ලදැයි රුසියාව විසින් චෝදනා කරන ඩ්‍රෝන යානා ප්‍රහාරයට යුක්‍රේනයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙස්න්කි විසින් ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාරය මධ්‍යයේ ෆින්ලන්තයේ සංචාරයකට ගොස් ඇති යුක්‍රේන ජනාධිපතිවරයා මාධ්‍යයට පවසා ඇත්තේ සිය රට සටන් වදිනුයේ රටට අයත් කලාපය තුළ පමණක් වන අතර පුටින්ට හෝ මොස්කව් නගරයට කිසිදු ප්‍රහාරයක් එල්ල කර නොමැති බවයි. අප සටන් වැද සිටිනුයේ අපගේ නගර හා ගම් ආරක්ෂා කිරීමටයි” යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment