උ/පෙළ සෞන්දර්ය හා තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ 27 දා සිට

60

උසස් පෙළ විභාගයේ 2022 (2023) සෞන්දර්ය හා තාක්‍ෂණවේදය ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ ජුනි 27 දා සිට ජූලි 31 දා දක්වා දිවයින පුරා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

ඒ අනුව නැටුම් (දේශීය), නැටුම් (භරත) සංගීතය (පෙරදිග) 2023 ජුනි 27 සිට ජූලි 06 දින දක්වාත්, ඉංජිනේරු තාක්‍ෂණවේදය 2023 ජූලි 12 සිට ජූලි 21 දක්වාත්, ජෛව පද්ධති තාක්‍ෂණවේදය 2023 ජූලි 29 සිට ජූලි 31 දක්වාත් පැවැත්වෙනු ඇත.

උක්ත විෂයයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අයදුම්පතෙහි සඳහන් ලිපිනයටද ප්‍රායෝගික පරීක්‍ෂණ ආරම්භවීමට පෙර ලැබෙන සේ තැපැල් මගින් යොමු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පෙරදිග සංගීත විෂයෙහි මීට පෙර ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර අවලංගු වන අතර එම අපේක්‍ෂකයන්ගේ ප්‍රායෝගික පරීක්‍ෂණ වෙනුවෙන් නව ප්‍රවේශපත් රැගෙන ආ යුතුය. වැඩි විස්තර සඳහා 1911 හදිසි අංකයෙන් හෝ 0112784208, 0112784537, 0112786616, 0112785922 අංකවලින් විමසීම් කළ හැක.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment