පුනර්ජනනීය පනතක් සති දෙකක් ඇතුළත

167

තරගකාරී මිල ගණන් යටතේ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ පනතක් ඉදිරි සති දෙක ඇතුළත ගෙන ඒමට රජය තීරණය කර ඇත.

මේ යටතේ මෙගාවොට් තුන්දහසක් ලබා ගත හැකි සූර්ය බල ව්‍යාපෘති සහ මෙගාවොට් දහසක සුළං බලාගාර ව්‍යාපෘති සඳහා ඉඩ ලබා දීමට නියමිතය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ලංකා විදුලිබල මණ්ඩලය 2016 සිට සූර්ය හා සුළං බලාගාර ව්‍යාපෘති රැසකට අවසර නොදීම නිසා මෙගාවොට් 3500ක විදුලි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇතැයි ශ්‍රී ලංකා වානිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා පවසයි.

වසර හතක් තිස්සේ මෙම සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘතිවලට අවසර දුන්නේ නම් මේ ආකාරයට විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවන්නේ නැතැයි ද ඒ මහතා කියා සිටී.

පුනර්ජනනීය ව්‍යාපෘතිවලට ඉඩ නොදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ නඩු තීන්දුව ප්‍රකාරව මෙම ව්‍යාපෘතිවලට ඉඩ නොදුන් නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කර ඇතත් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත් බවට වාර්තා වී නැතැයි ද ලක්මාල් ප්‍රනාන්දු මහතා කීවේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment