රාජ්‍ය බලය යොදා මුතුරාජවෙල අපිරිසිදු කරන්න ගිය අවස්ථාවේදී ධම්මකුසල හිමි කතෝලික ජනතාව සමග නැඟී සිටියා

7764

බෝපිටිය දෙව් මැඳුරේ පාලක නිමල් ජයන්ත විදානාරච්චි පියතුමා
අපවත් වී වදාළ ශ්‍රී බෝධි විහාරාධිපති කිරින්දේ ධම්මකුසල හිමිගේ ආදාහන උත්සවය

ප්‍රදේශවාසී ජනතාවට සුවදායක වාතය ආශ්වාස ප්‍රශ්වාස කිරීමට හැකි අයුරින් පෙනහැල්ලක් ලෙස ක්‍රියාකළ මුතුරාජවෙල පරිසරය දූෂණය කරමින් ඊට දුගඳ හමන කැළිකසළ බලෙන් දමා මුතුරාජවෙල අපවිත්‍ර කිරීමට රාජ්‍ය බලය යෙදවීමට තැත්කළ අවස්ථාවේදී ප්‍රදේශවාසී ජනතාව සමග කතෝලික පියවරුන්ද එයට විරෝධය දක්වද්දී ධම්මකුසල හිමිපාණෝ පුරෝගාමීව නැඟී සිටි අයුරු මට මතකයි. මෙම බුද්ධ පුත්‍රයා කතෝලික ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කළ ආකාරය ඉතා ප්‍රශංසනීයයිද පමුණුගම බෝපිටිය දෙව් මැඳුරේ පාලක නිමල් ජයන්ත විදානාරච්චි පියතුමා පැවසුවේය.

රාජ්‍ය බලය යොදා මුතුරාජවෙල අපිරිසිදු කරන්න ගිය අවස්ථාවේදී ධම්මකුසල හිමි කතෝලික ජනතාව සමග නැඟී සිටියා

එතුමා එසේ පැවසුවේ අපවත් වී වදාළ ශ්‍රී බෝධි විහාරාධිපති කිරින්දේ ධම්මකුසල හිමිපාණන්ගේ ආදාහන උත්සවය පසුගිය 20 වැනි ඉරිදා බෝපිටිය මහජන ක්‍රීඩා පිටියේදී පැවැති අවස්ථාවේදීය. එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමිපාණන් සභාව අමතමින්, ඉතා සුළුවෙන් ඇරැඹූ මෙම විහාරස්ථානය දැනට තත්ත්වයට පත්කර ගත හැකිවූයේ අපවත් වූ හිමිපාණන් ප්‍රදේශයේ කතෝලික බැතිමතුන් සමග ගොඩනඟාගත් උසස් ගණයේ සම්බන්ධතාවය නිසා යැයිද, එය තමන් වහන්සේ අගය කරන බවද පැවසූහ. උන්වහන්සේට ගෞරව දැක්වීමට ගිහි පැවිදි බොහෝ පිරිසක් පැමිණ සිටියහ.
පමුණුගම – එස්. කේ. ජේ. කුරේරා

advertistmentadvertistment
advertistmentadvertistment