තම පංතියේම දරුවන්ට අමතර පංති පැවැත්වීම තහනම්

389

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් නව චක්‍රලේඛයක්

ගුරුභවතුන් තම පාසලේ තමන් උගන්වන පන්තියේ දරුවන්ට පාසල් වේලාවෙන් බැහැරව මුදල් අයකරමින් අමතර පන්ති පැවැත්වීම වළක්වාලමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් යු. බී. හේරත් මහතා විසින් අංක ඡෘෑ/2023/01 හා 2023.06.08 දිනැතිව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ ලේඛනයේ සඳහන් පරිදි යහපත් චේතනාවෙන් මුදල් අයකිරීමකින් තොරව අමතර දැනුම දරුවන්ට ලබාදෙන ගුරු භවතුන්ට කිසිදු බාධාවක් ඇති නොවේ. මෙම යෝජනාව දරුවන්ට වන අසාධාරණය වළක්වාලමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඤ ලලිත් යු. ගමගේ මහතා ලබාගත් තීරණයකට අනුව ක්‍රියාත්මක වන අතර, වඩා සාධාරණ පාසල් අධ්‍යාපනයක් පළාත තුළ ස්ථාපිත කිරීම එමගින් අරමුණ වී ඇත.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment