ෆෙඩරල් ගන්නවාමයි – විග්නේෂ්වරන්

362

අපි ෆෙඩරල් ක්‍රමය අරගෙන තමා පස්ස බලන්නේ යැයි දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

13 වැනි සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව ද ඒ මහතා කීය.

ආණ්ඩුව 13 සංශෝධනය සම්පූර්ණයෙන් දීමට පොරොන්දු වුවත් එදා ඉඳන්ම ආණ්ඩු පොරොන්දු දෙනවා, විපක්ෂය විරුද්ධ වෙනවා, අවසානයේදී කිසිවක් නැහැ යැයි ද මන්ත්‍රීවරයා කීය.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට සහභාගි වී ආපසු යමින් සිටියදී මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment