තොඩුවාව කුඩාමඩුවැල්ලට බත්තලක් ගොඩ ගසයි

262

තොඩුවාව කුඩාමඩුවැල්ල වෙරළ තීරයට ඊයේ (03) රාත්‍රියේ බත්තලක් ගොඩ ගසා ඇති බව මාරවිල පොලිසිය පවසයි.

මෙම බත්තල මෙය විදෙස් රටකට අයත් එකක් විය හැකි බව සැක පහළ කරයි.

මෙම යාත්‍රාවේ ඉංග්‍රීසි හා චීන භාෂා වලින් කර තිබු දැන්වීම කීපයක් දැක ගන්නට තිබු අතර ඉතා අලුත් තත්වයේ මුඛ ආවරණ කීපයක්ද දැක ගන්නට ලැබිණි .

ඒ අනුව මේ යාත්‍රාව යම්කිසි අනතුරකට ලක්වන්නට ඇත්තේ මිට දිනකට හෝ දින දෙකකට පෙර විය හැකිය.

බත්තලේ පාදමට දමා තිබු රෙජිෆෝම් කුට්ටි කැඩී යාම නිසා එම වෙරළ තීරයේ විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතී.
මෙම බත්තල මුහුදේ ප්‍රවාහන කටයුතු කිරීම සදහා යොදා ගත් එකක් විය හැකි බව ජාතික ධිවර සහයෝගිතාවයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකාරක ලොයෙල් පිරිස් මහතා ප්‍රකාශ කලේය.

advertistmentadvertistment
advertistmentadvertistment