යාපනය ප්‍රබල තත්ත්වයක නුවර ගාල්ල තරගය දෙපිලටම විවෘත වෙයි

92

ජාතික සුපර් ලීග් සිව් දින තරගාවලිය

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනය වූ ඊයේ (15 වැනිදා) දිනය නිමාවන විට කොළඹ සහ යාපනය අතර තරගයේ වැඩි වාසි අත් කර ගැනීමට යාපනය කණ්ඩායම සමත්ව සිටියේය.

සිය පළමු ඉනිම සඳහා ලකුණු 491 ක් වාර්තා කළ යාපනය ක්‍රීඩකයෝ කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවා වූ දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගෙන මේ වනවිට ලකුණු 388 ක් ඉදිරියෙන් සිටිති.

ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරගයේ නුවර කණ්ඩායම ලකුණු 40 ක් ඉදිරියෙන් සිටින අතර ඔවුන්ගේ කඩුලු 4 ක් මේ වනවිට දැවී ගොස් ඇත.

එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නුවර කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 210 කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 248 ක් පමණි.

අනතුරුව දෙවන ඉනිම ඇරඹූ නුවර කණ්ඩායමේ කඩුලු හතරක් ඊයේ දිනය අවසාන වන විට ලකුණු 78 කට දැවී ගොස් ඇත.

නිපුන් කරුණානායක සහ රොන් චන්ද්‍රගුප්ත කොළඹ සහ යාපනය අතර තරගයේදී යාපනය කණ්ඩායම වෙනුවෙන් ද්විත්ව ශතක සබඳතාවක් ගොඩනැගූහ.

නිපුන් කරුණානායක ලකුණු 119 ක් ලබාගත් අතර රොන් චන්ද්‍රගුප්ත ලකුණු 128 ක් ලැබීය.

කොළඹ සහ යාපනය කණ්ඩායම අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස

ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර නුවර සහ ගාල්ල අතර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ලකුණු සාරාංශය

යාපනය – කොළඹ

යාපනය පළමු ඉනිම 491/10

රොන් චන්ද්‍රගුප්ත 128, නිපුන් කරුණානායක 119, නිශාන් මධුෂ්ක 53, සන්තුෂ් ගුණතිලක 50

නිසල තාරක 92/2, චාමික එදිරිසිංහ 97/2, එන්.ප්‍රියදර්ශන 117/2, අශේන් බණ්ඩාර 22/2

කොළඹ පළමු ඉනිම 103/1

මහනුවර – කොළඹ

මහනුවර පළමු ඉනිම – 210 වනුජ සහන් 56, පවන්ත වීරසිංහ 56 (නිමේෂ් විමුක්ති 21/3, ධනංජය ලක්ෂාන් 26/3)

ගාල්ල පළමු ඉනිම – 248/10

ධනංජය ලක්ෂාන් 68, විෂාද් රන්දික 80 (නිමේෂ් අතරගල්ල 72/3, වනුජ සහන් 55-3)

advertistmentadvertistment
advertistmentadvertistment