අයි. එම්. එෆ්. ප්‍රගතිය මැනීමේදී ශ්‍රී ලංකාව කැපකිරීම් 57න් 38ක් ඉටු කරයි

135

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය මැනීමේදී අගෝස්තු මාසය අවසන් වනවිට සපුරාලීමට නියමිතව තිබූ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 57න් 38ක් ශ්‍රී ලංකාව විසින් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

එම ආයතනය නිකුත්කළ නිවේදනයක මෙසේ ද සඳහන් වේ. අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මැනීම සඳහා වෙරිටේ රිසර්ච් විසින් හඳුන්වා දුන් මාර්ගගත වේදිකාව වන අයිඑම්එෆ් මීටරය අගෝස්තු මාසය අවසන් වනවිට වැඩසටහනේ ඇති කැපවීම් 11ක ප්‍රගතිය තවදුරටත් ‘නොදනී’ ලෙසත්, 8ක ප්‍රගතිය මේ වනවිට ‘ඉටුනොකළ’ ලෙසත් වර්ග කර තිබේ.

අයිඑම්එෆ් සමාලෝචනයේදී ජුනි මස අවසන් වනවිට ඉටුකිරීමට නියමිතව තිබූ කැපවීම් කෙරෙහි අවධානය යොමුවීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි පසුබිමක ශ්‍රී ලංකාව ආණ්ඩුකරණය හා සම්බන්ධ ප්‍රධාන කැපවීමක් ඉටුකිරීමට තවමත් අපොහොසත්ව තිබීම කැපී පෙනේ. එය නම් මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කිරීම සඳහා වන මාර්ගගත වේදිකාවක් පිහිටුවීමයි. මාර්තු අග වනවිට ඉටුකිරීමට නියමිතව තිබූ මෙම කැපවීම තවමත් ඉටුකර නොමැති බව ද වෙරිටේ රිසර්ච් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment