ගාසා තීරයේ යුද්ධයක්;මරණ 500 ඉක්මවයි

355

ඊශ්‍රායලය හා පලස්තීන සටන්කාමීන් අතර ආරම්භ වී ඇති ගැටුම් තුළින් මිය ගොස් ඇති ගණන පන්සියය ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඉන් මිය ගිය ඊශ්‍රායලය ජාතිකයින් ගණන 300ක් පමණ වන අතර තුවාල ලැබූ ගණන 1500 ඉක්මවා ඇත.මිය ගිය පලස්තීනුවන් ගණන 232ක් පමණවේ. තුවාල ලැබූ ගණනද 1700 ඉක්මවා ඇත.මේ අතර ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 7,000ක් පමණ එල්ල කර තිබේ.ඒ සමග යුදමය තත්ත්වයක් නිවේදනය කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, මෙය හමුදා මෙහෙයුමක් නොව යුද්ධයක් බවය. හමාස් සටන්කරුවන් පවසන්නේ, ඊශ්‍රායලය අල් අස්කා දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම දියත් කළ බවයි.ඔවුන් ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ සහ හමුදා ස්ථාන ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇති අතර ඒ සමග මධ්‍යම සහ දකුණු දිග ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ වසා දැමුණි.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විනාඩි 20ක කාලයක් තුළ රොකට් ප්‍රහාර 5,000 ක් පමණ අඛණ්ඩව එල්ල කිරීමෙන් පසු තවත් රොකට් ප්‍රහාර 2,000 ක් පමණ ඊශ්‍රායලයට එල්ල කර ඇති බවය. මෙම දැවැන්ත ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය යුදමය තත්ත්වයක් නිවේදනය කළේය. හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ඇතුළුවී සිවිල් වැසියන්ට වෙඩිතබන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම ඊශ්‍රායල් වැසියන් පිරිසක් හමාස් සටන්කාමීන් භාරයට ගෙන ඇති අතර ඔවුන් ඊශ්‍රායල හමුදා කඳවුරකට ද ඇතුළුවී තිබේ.හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ද ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment