කැලිෆෝනියාව හෙල්ලෙයි

220


ඇමරිකාවේ උතුරු කැලිෆෝනියාවේ රික්ටර් මාපක 6.4ක භූ කම්පනයක් අද (21) අලුයම හටගෙන ඇත.

භූකම්පනයෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් 12 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මේ හේතුවෙන් හම්බෝල්ට් ප්‍රාන්තය අවට නිවාස සහ ව්‍යාපාර දස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇතැයි ද වාර්තා කරයි.

ඇතිවූ ප්‍රධාන භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන 80 ක් පමණ හටගෙන ඇති අතර භූ කම්පාවෙන් අධිවේගී මාර්ග ද ඇතුළු මාර්ග රැසක් විනාශ වී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇතැයි ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment