DFCC බැංකුව පසුගියදා පැවති CPM Best Management Practices Company Awards 2024 හිදී සමස්ත ජයග්‍රාහක කාණ්ඩයේ රන් සම්මානය ඇතුළුව සම්මාන තුනක් දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.

ප්‍රධාන රන් සම්මානයට අමතරව පෞද්ගලික බැංකු කාණ්ඩයේ ජයග්‍රහණය සහ විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදය කාණ්ඩයේ විශිෂ්ටත්ව සම්මානයක් DFCC බැංකුව වෙත හිමි විය. තම ක්‍රමෝපායික තිරසාර රාමුවට සමගාමීව දිවයින පුරා ශාඛාවල කඩදාසි භාවිතය අවම කිරීමේ වැඩසටහන් දියත් කිරීම, මෙම සම්මාන හිමි වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් විය. DFCC බැංකුව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසංග උඩුවෙල, උප සභාපති සහ අලෙවි හා තිරසාරත්ව ප්‍රධානී නිල්මිණි ගුණරත්න සහ උප සභාපති (තිරසාරත්ව) නලින් කරුණාතිලක යන මහත්ම මහත්මීහු විසින් මෙම සම්මාන පිළිගන්නා ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment