සිම්බාබ්වේ කණ්ඩායම එයි

192

ශ්‍රී ලංකාව සමග එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලි දෙකකට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (03 වැනිදා) දිවයිනට පැමිණියේය.

ඔවුන් සහභාගි වන පළමු එක් දින තරගය හෙට (06 වැනිදා) ආරම්භ වන අතර පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය ලබන 14 වැනිදා ආරම්භ වේ.

එක්දින තරග ජනවාරි 6, 8 හා 11 යන දිනවලදී ද, 20යි 20 තරග ජනවාරි 14, 16 හා 18 යන දිනවලදී ද පැවැත්වේ.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් හා විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කවුළුවෙන් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ප්‍රවේශ පත්‍ර කවුළු පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතව ඇත. එසේම www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment