රටත් දිනා ලොවත් දිනූ අසහාය නායිකාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය

3838

(සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ විසි එක් වන ගුණසමරුව නිමිත්තෙනි)

ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මැතිනියක්ම වූවාය. ලෝක දේශපාලනය තුළ කිසිවෙකුට” කිසි කලෙක නොබිඳිය හැකි වාර්තාවක් තබමින්” ලොව පළමු අග‍්‍රමාත්‍යවරිය බවට පත්වූ ඇය” මෙරට දේශපාලනය තුළ ස්වර්ණම සලකුණ විය.

මියගොස් විසි එක් වසරක් ගත වුවද” අදටත් ‘මැතිනිය. ලෙසින් සියල්ලගේ ගෞරව බහුමානයට පාත‍්‍ර වන ඇගේ පරිණත දේශපාලන දැක්ම සර්වකාලීනය.

මහනුවර බාන්ස් රත්වත්තේ දිසාවට සහ මහවෙලතැන්නේ වලව්වේ රොසලින් මහවෙලතැන්නේ කුමාරිහාමිට දාව” 1916 වර්ෂයේ අපේ‍්‍රල් 17 වනදා වැඩිමහල් දියණිය ලෙස මෙලොව එළිය දුටු සිරිමාවෝ රත්වත්තේ නම් සුන්දර ගැහැනු දැරිවිය” බළංගොඩ පහළ බාලාංශයෙන් මූලික අධ්‍යාපන ලැබ රත්නපුරයේ පර්ගියුසන් උසස් පාසලට ඇතුළත් වී ඉන් අනතුරුව” කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයට පිවිස සිය අධ්‍යාපනය ලබා ගත්තාය. ඇය ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය තුළ බාලදක්ෂිකාවක් ලෙස කටයුතු කළ අතර” පාසල තුළ කැපී පෙනෙන සිසුවියක් විය.

මහවලතැන්නේ වලව්වේ පිපි රෝස කුසුම වූ සිරිමා යෞවනිය සිය බළංගොඩ වලව්වට අහම්බයෙන් මෙන් පැමිණි සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ ඇස ගැටීම” ශ‍්‍රී ලාංකික මෙන්ම ලෝක දේශපාලනයේ වෙනසක් සිදු කිරීමට සමත් වූ සිදුවීමක් වූ අතර” අහම්බෙන් සිදුවූ එම හමුවීම අවසානයේ” 1940 වර්ෂයේ ඔක්තෝබර් 03 වනදා විවාහයකින් කෙළවර විය. සමාජ සේවයට අත්පොත් තබමින්” ලංකා මහිලා සමිතියට බැඳීම සිය විවාහය සිදුවී කෙටි කාලයක් ඇතුළත සමාජ සේවයට පිවිසි බණ්ඩාරනායක මැතිනිය ර්‍ණ වර්ෂ 1941 දී ‘ලංකා මහිලා සමිතියේ. සාමාජිකත්වය ලබා ගත්තාය. ලංකා මහිලා සමිතිය හරහා” ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන්නට කටයුතු කළාය.

විවාහයෙන් දස වසරක් තුළ සුනේත‍්‍රා ඩයස් බණ්ඩාරනායක”චන්ද්‍රිකා ඩයස් බණ්ඩාරනායක හා අනුර ප‍්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක නමින් දරුවන් තිදෙනෙකුට දෙමව්පියන් වූ බණ්ඩාරනායක යුවළගේ එවකට නිවස්නය වූයේ රොස්මිඞ් පෙදෙසේ ටින්ටජෙල් නිවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින්”මෙරට අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ” බණ්ඩාරනායක මහතා” දේශපාලන වශයෙන් කාර්ය බහුල ජීවිතයක් ගත කළ අතර” එක්ව ආ ජීවන ගමනේ සෑම දිනම ඔහු පසෙකින් හිඳ ශක්තියක් වන්නට සිරිමාවෝ මැතිනියට හැකිවිය.

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තෙවසරක් ගෙවී යන්නට මත්තෙන්” විවාහයට දශක දෙකක් සම්පූර්ණ වීමටද පෙර” චීවරදාරියෙකුගේ වෙඩි පහරකට

ලක්ව” අඅඅග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා 1959 වර්ෂයේ සැප්තැම්බර් 26 වනදා මෙලොවින්

සමුගැනීමත් සමග සිරිමාවෝ මැතිනියට හට තම දරු තිදෙනා පිළිබඳව මෙන්ම” සැමියා විසින් බිහි කළ පක්ෂය සම්බන්ධයෙන්ද තිබූ වගකීම වැඩි විය. බණ්ඩාරනායක මහතාගේ

අභාවයත් සමගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හා රාජ්‍ය නායකත්ව පිළිබඳව අර්බුද මතු වූ අතර” ඒ සියල්ල විසඳා ගැනීමට සුදුසුම ක‍්‍රමය ලෙස පක්ෂයේ ප‍්‍රධානීන් විසින් සිරිමාවෝ මැතිනිය හට දේශපාලනය වෙත ආරාධනා කරන්නට යෙදිණි‘ අකමැත්තෙන් නමුත්” සිය සැමියා විසින් බිහි කළ පක්ෂය විනාශ වීමට දිය නොහැකි බැවින්” සිරිමාවෝ මැතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය භාර ගැනීමට එකඟ වූ අතර” ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවූ ඇගේ ආගමනයත් සමග” දේශපාලන පක්ෂයක ප‍්‍රථම කාන්තා නායිකාව ලෙස ඉතිහාසයටද එක් විය.

ඇගේ ආගමනයත් සමග 1960 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී” ලැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග‍්‍රහණය” ලෝක දේශපාලනය වෙනස් කළ ජයග‍්‍රහණයක් බවට පත් කරමින්” වර්ෂ 1960 ජූලි මස 21 වන දින” එවකට මෙරට ආණ්ඩුකාර ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ” සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනිය ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය. අභියෝග රාශියක් මැද ජනතා සේවයේ නියැළුණු මැතිනිය. සිය පළමු ධුර කාලය තුළ සිදු කළ පොදුරාජ්‍ය මණ්ඩලීය අග‍්‍රාමාත්‍යවරුන්ගේ සම්මේලනයට සහභාගි වීම තවත් ඓතිහාසික අවස්ථාවක් වූ අතර” 1961 මාර්තු 17 වනදා පැවති” පොදු රාජ්‍ය මණ්ඩලීය අග‍්‍රාමාත්‍යවරුන්ගේ 11 වන සම්මේලනයට ඇගේ සහභාගිත්වය” රාජ්‍ය නායිකාවක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවකට සහභාගී වූ ප‍්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත විය.

දේශපාලන අස්ථායි භාවයන් තුළ” අභියෝගාත්මක රාජ්‍ය පාලනයක යෙදුනු මැතිනිය විසින් එම සියලූ අභියෝග හමුවේ වුවද නාවින්නේ ආයුර්වේද පරීක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීම” විපස්සනා භාවනා මධ්‍යස්ථාන ආරම්භ කිරීම” සය ජාතික කොළඹ සමුළුව කැඳවීම මගින් ඉන්දු – චීන විරසකයට පිළිතුරු සෙවීම” තෙල් සමාගම් පවරා ගැනීම” වියට්නාම් බෞද්ධ අර්බුදයට විසඳුම් සෙවීම” සිරිමා-ශාස්ත‍්‍රී ගිවිසුමට අත්සන් තැබීම” වාරි කටයුතු සහ ජල විදුලි බල සංවර්ධනය සඳහා සැලැස්මක් ආරම්භ කිරීම වැනි ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් වැදගත් කාර්යන් රාශියක් ඉටු කළාය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය” ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එක්ව එක්සත් පෙරමුණ පිහිටුවා ගනිමින් එහි නායකත්වයට පත් වූ මැතිනිය” 1970 මැයි 27 පැවති මහ මැතිවරණයෙන්” ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක් ර්‍ණ ලංකා සමසමාජ පක්ෂයට ආසන 19ක් හා කොමියුනිස්ට් පක්ෂයට ආසන 6ක් වශයෙන් හිමි කර ගනිමින්” පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් ලබමින් අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා ය.

මෙරටට නාමිකව ලැබී තිබුණු නිදහස යථාර්ථයක් බවට පත් කරන්නට කටයුතු කළ මැතිනිය” වර්ෂ 1972 මැයි 22 දින මෙරට ජනරජ ව්‍යවස්ථාව නීත්‍යනුකූලව පිළිගැනීමත් සමග ශ‍්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයෙන් බැහැර වී සම්පූර්ණයෙන් ම නිදහස් රටක් බවට පත්කිරීම වෙනුවෙන් සදාකාලික බුහුමානයට පාත‍්‍ර වන්නීය.

ඇගේ දෙවන ධුර කාලය තුළ” බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිකිරීම ආරම්භ කිරීම” සෙනේට් සභාව අහෝසි කිරීම” ආර්ථික ස්වාධීනත්වය සහ ආර්ථික වර්ධනය අරමුණු කරගත් පස් අවුරුදු සැලැස්ම ඉදිරිපත් කිරීම” ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම පත් කිරීම” කෘෂිකර්ම ඵලදායීතා පනත ගෙන ඒම” රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීම” ශ‍්‍රී ලංකාවට කච්චතිවු ¥පත ලබා ගැනීම” යාපනය විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම” ජාත්‍යන්තර අධ්‍යයනයන් සඳහා බණ්ඩාරනායක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම” මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම වැනි මෙහෙවරයන් විශාල ප‍්‍රමාණයක් ඉටු කළාය.

ස්වාමියාගේ අභාවයත් සමග දේශපාලනයට පිවිසි එඩිතර හා ප‍්‍රඥාවන්ත ගැහැනියක් වූ මැතිනියට දේශපාලනය තුළ එදිරිවාදිකම් කළ පුද්ගලයින් රාශියක් සිටි අතර” 1977 දී ලැබූ පරාජය සමග” ජේ. ආර්. ජයවර්ධන පාලනය විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කමිටුවක් මගින්” අග‍්‍රාමාත්‍යවරිය හැටියට සේවය කළ කාලයේ දී බණ්ඩාරනායක මැතිනිය බලය අවභාවිතා කළ බව තීන්දු කරමින්” ඇගේ ප‍්‍රජා අයිතිය අහිමි කළේය. ඒ සමගම නැවත 1986 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ආඥාවක් නිකුත් කරමින් ඇගේ ප‍්‍රජා අයිතිය ප‍්‍රතිෂ්ඨාපනය කරන තුරු ඇයට ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමට නොහැකි විය. 1994 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය සමග නැවත වරක් අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන මැතිනිය” 2000 අගෝස්තු 10 වන දින සෞඛ්‍ය හේතුන් මත ඉල්ලා අස්වනතුරු එම ධුරයේ කටයුතු කළාය. 2000 වර්ෂයේ ඔක්තෝබර් 10 දින පැවති මැතිවරණයේදී” නිට්ටඹුවේ සංඝබෝධි මහා විද්‍යාලයේ දී තම ඡන්දය ප‍්‍රකාශ කළ මැතිනිය” පුරවැසියෙක් ලෙස තම අවසන් සේවය ඉටු කිරීමෙන් අනතුරුව කොළඹට එන අතරමග දෑස් පියාගෙන තිබුණේ” මෙරට දේශපාලනයේ ස්වර්ණමය සලකුණක මතක සටහන් ඉතිරි කරමිනි.

නීතීඥ දයාසිරි ජයසේකර
මහලේකම්
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය

advertistmentadvertistment
advertistmentadvertistment