සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න

78

GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි

ප්‍රමුඛතා හඳුනා ගනිමින් රජයට සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමේ අවංක චේතනාවක් තිබේ නම් රෝහල්වල විදුලි බිල් නොගෙවීමේ ගැටලුව වහා විසඳිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඇඹිලිපිටිය ඇතුළු සබරගමුව පළාතේ සහ රට පුරා තවත් රෝහල් රැසක විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමැතිවරයා දැනුවත් කළද සෞඛ්‍ය සේවය කඩා වැටීමට ඉඩදී ඔවුන් නිහඬව සිටීම ගැටලුවක් බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙරේදා (16 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

විදුලි බිල් නොගෙවීමේ අර්බුදය අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි. අපිට සැකයක් තියෙනවා මෙය වුවමනාවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැට්ටවීමට ගෙන යන වැඩපිළිවෙළක් කියා. මේ විදුලි බිල් ඊයේ පාව්චිචි කරලා අද ගෙවන්න දාපුවා නෙවෙයි. ඇතැම් රෝහල්වල විදුලිය විසන්ධි කිරීමට පවා තීරණ ගත්තා. නමුත් රජය හෝ ඇමැතිවරයා ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කළේ නැහැ. රෝහලකට විදුලිය අවශ්‍ය වෙන්නේ වාට්ටුවේ පෑන් එක, ලයිට් එක පත්තු කරන්නම නෙවෙයි. ශල්‍යාගාර වැඩ, දැඩිසත්කාර ඒකක සහ සියලු උපකරණ සඳහා විදුලිය වැදගත් වෙනවා.

තත්ත්වය අවබෝධ කර නොගෙන ඇමැතිවරයා සහ බලධාරීන් කටයුතු කරන්නේ නම් රෝගී ජනතාවගේ ජීවිත මරු කටට යෑම වැළැක්විය නොහැකි යැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment