අජිත් රෝහණගේ පෙත්සම සලකා බැලීම ලබන 03 දා

190

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළ තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට පොලිස්පතිවරයා විසින් ලබාදුන් හදිසි ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 3 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17 දා) නියෝග කළේය.

නීතිඥ සංජීව කළුආරච්චි මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන හා මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ඉදිරියේදී ඊයේ (14 දා) කැඳවිණි.

පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය ගොනු කර ඇති සීමිත මූලික විරෝධතාවලට ප්‍රති විරෝධතා ගොනු කිරීමට ඉඩ දෙමින් එලෙස පෙත්සම කල්දැමිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment