මේ වසරේ මුල් මාස හයේ බදු ආදායම සියයට 93කින් ඉහළට

103

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් උපයන ලද මුළු බදු ආදායම ගිය වසරේ (2022) මුල් මාස හයට සාපේක්ෂව මේ වසරේ (2023) මුල් මාස හයේදී සියයට 93 කින් වර්ධනය වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා පවසයි.

මේ අනුව ගිය වසරේ මුල් මාස හයේදී උපයන ලද රු. කෝටි 36183.2 ක බදු ආදායම මේ වසරේ (2023) මුල් මාස හයේදී රු. කෝටි 69694.6 ක් දක්වා වර්ධනය වී ඇත.

බදු ප්‍රතිපත්තියේ වූ තීරණාත්මක වෙනස්වීම් රටේ ආර්ථික ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවතීම සහ බදු පරිපාලනය විසින් ගත් පියවරයන්හි කාර්යක්ෂතාව මේ බදු ආදායම් වර්ධනයට හේතුව බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මේ මාස හයක කාලයේදී උපයන ලද සමාගම් හා සමාගම් නොවන ආදායම් බදු ප්‍රමාණය රු. කෝටි 21342.1 සිට රු. කෝටි 24 384.2 දක්වා සහ වැට් බදු ප්‍රමාණය රු. කෝටි 12148.3 සිට රු. කෝටි 23063.8 ක් දක්වා වර්ධනය වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment