පොස්පේට් බලන්න ගිය ඇමැති චාමර ඉදිරිපිටදීම නිලධාරියාට නෙළලා

376

එප්පාවල පිහිටි ලංකා පොස්පේට් රාජ්‍ය සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයන් පිරිසක් හෙළිදරව්වක් සිදු කිරීමට යෑමේදී ඇතිවූ උණුසුම් තත්ත්වයකදී එහි සේවකයකු විසින් අදාළ වංචා දූෂණ සිදුකළ බවට චෝදනා කරමින් විධායක නිලධාරියකුට අමාත්‍යවරයා ඉදිරියේම ඊයේ (17 දා) පහර දුන්නේය.

කෙසේ නමුත් පහර දීමට කළ උත්සහයෙන් එම විධායක නිලධාරියාගේ කමිසය ඉරී ගොස් තිබිණි.එම ස්ථානයේ රැදී සිටි පොලිස් නිලධාරීහු අදාළ සේවකයා හා විධායක නිලධාරියා එම ස්ථානයෙන් ඉවත් කර අදාළ ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ කළහ. පහරකෑමට ලක්වූ ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරියා එප්පාවල පොලිස් ස්ථානයට, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

ලංකා පොස්පේට් රාජ්‍ය සමාගම කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින අතර, කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ තෙවැනි වරටත් නිරීක්ෂණ චාරිකාවක ඊයේ (17 දා) නිරත විය.

පොස්පේට් රාජ්‍ය සමාගම වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.අනතුරුව අමාත්‍යවරයා ආයතනයේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර, එහිදී සේවකයන් පෙන්වා දුන්නේ ආයතනයට අවශ්‍ය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත්‍ර අමතර කොටසක් (ගියර් බොක්ස් එකක්) ගෙන්වීමෙන් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බවයි.අදාළ අමතර කොටස භාවිතයට ගත නොහැකි බැවින් නැවත මාරු කිරීමට ද කටයුතු කර නැති බව ඔවූහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

අදාළ අමතර කොටස ඇණවුම් කළ නිලධාරියා වන සැපයුම් නිලධාරියා එම ස්ථානයට ගෙන්වන ලෙස එහිදී අමාත්‍යවරයා පැවසීය.
තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment