දින 4ට ඩෙංගු 1000ක්

74

මේ වසරේ දැනට රෝගීහු 35075ක්

සෑම ආයතනයක්ම සිකුරාදා පැය 2ක් සුද්ද කරන්න

මෙම වසරේ (2023) මේ දක්වා (ජනවාරි 01 වැනිදා සිට මැයි 19 වැනිදා දක්වා) කාලයේ දී දිවයිනෙන්ම වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්පන්දහස් හැත්තෑ පහක් (35,075) දක්වා ඉහළ නැඟ ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලින් ආරියරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම තත්ත්වය තුළ දිවයිනේ සෑම රැකියා ආයතනයක්ම සිකුරාදා දිනයේ පැය 2 ක් පිරිසිදු කර ගැනීමට කාලය වෙන්කරවා ගන්නැයි ඒ මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය.

මෙම කාලය තුළ ඩෙංගු මරණ 22 ක් වාර්තාවන බව ද ඔහු සඳහන් කළේය. ඉන් මරණ පහක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ද හෙතෙම කීය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7348 දෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 7904 දෙනෙකු ද වාර්තා වන බව ද හෙතෙම කියා සිටියේ ය.

මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 400 දෙනෙකු පමණ වාර්තාවන බව ද ඔහු සඳහන් කළේය.

ගතවූ දින 4 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් දහස ඉක්මවා වාර්තාවී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment