වත්තේ ළිඳට නොපැන වෙන ළිඳකට පැන්න සුලක්‍ෂණාගේ මරණය අභිරහසක්

137

වඩුක්කෝඩෙයි පොලිසිය විමර්ශන අරඹයි

යාපනයේ වඩුක්කෝඩෙයි විද්‍යාලන් ප්‍රදේශයේ ළිඳක තිබූ තරුණියකගේ මළසිරුරක් වඩුක්ක්කෝඩෙයි පොලිසිය විසින් ඉකුත් 18 දා ගොඩගෙන තිබේ.

සුලක්ෂණා නමැති 24 හැවිරිදි මෙම තරුණිය ඝාතනය කළේද සියදිවි හානි කරගත්තේද යන්න පිළිබඳව නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බව පොලිසිය ප්‍රකාශ කළේය.

ඇයගේ මළසිරුර හමුවී ඇත්තේ ඇය පදිංචිව සිටි නිවසට මීටර් 400 ක් පමණ දුරින් වීමත්, ඇගේ නිවසේ ජලය ලබා ගන්නා විශාල ළිඳක් තිබීමත් නිසා මෙම මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් මතුව තිබේ. ප්‍රදේශවාසීන්ගේ සහාය මත ගොඩ ගන්නා ලද මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා වඩුක්කෝඩෙයි රෝහල වෙත භාරදී ඇත. වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment