රජරට පණුවන්ට ඩ්‍රෝන තෙල් ඉසියි

197

මෙරට ප්‍රථම වතාවට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන උතුරුමැද පළාතේ වී වගාවේ මේ දිනවල පැතිර යමින් තිබෙන පණුවන් මර්දනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ වනවිට හඳුනා නොගත් පණු විශේෂයක් උතුරුමැද පළාතේ කුඹුරු හෙක්ටයාර් 15,000ක ප්‍රමාණයක මෙම පණු විශේෂය නිසා දැඩි විනාශයකට පත්වීම වළක්වා ගැනීම සඳහා ඩ්‍රෝන යන්ත්‍ර යොදා ගනිමින් තෙල් විශේෂයක් ඉසීම සිදු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙය අද දිනයේ ද ක්‍රියාත්මකය.

කෘෂිකාර්මික කටයුතුවලට යොදාගැනීම සඳහා චීනයෙන් මේ වනවිට ඩ්‍රෝන යානා ගෙන්වා තිබෙන බවත් ඒ සඳහා තරුණයන්ට පුහුණුව ද ලබාදී තිබෙන බවත් තවත් ඩ්‍රෝන යානා 100 ක් පමණ චීනයෙන් ආනයනය කිරීමට නියමිත බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment