බැංකු පනත සංශෝධනයට

69

දැනට පවතින බලපත්‍රලාභී බැංකුවල නීතිමය සහ නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට මහ බංකුව තීරණය කර ඇත.

ඒ සඳහා බැංකු පනත සංශෝධනය කිරීමට එම සංශෝධිත බැංකු පනත් කෙටුම්පත මේ වසරේ (2024) ජුනි මාසයට පෙර පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට රජය සැලසුම් කර ඇත.

යෝජිත ප්‍රධාන සංශෝධන අතරට බංකුවල අවම බලපත්‍ර අවශ්‍යතා ශක්තිමත් කිරීම, ආයතනික පාලනය, කොටස් හිමියන්ගේ යෝග්‍යතාවය අවශ්‍ය යැයි සැලකෙන පරිදි විදේශ බැංකු අනුබද්ධ කිරීම, බැංකු හිමිකාරත්වය, අත්පත් කර ගැනීම්, එකතු කිරීම් සහ ඒකාබද්ධ කිරීම මූල්‍ය නොවන අනුබද්ධ ආයතන බැහැර කිරීම. ඒකාබද්ධ අධීක්‍ෂණය, ගිණුම් සහ විගණනය, සමානුපාතිකව, විශාල නිරාවරණය සහ අදාළ පාර්ශ්ව ගනුදෙනු ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ (2024) දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment