මිලියන 248.8ක් වැය කළ සහසර බස් මග හිටී

282

පොදු ප්‍රවාහනය සඳහා මගී ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරමින් තිබූ සහසර බස් නව්‍යකරණ ව්‍යාපෘතිය ආකාර්යක්ෂමතාව හේතුවෙන් රජය විසින් අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම ව්‍යාපෘතිය සඳහා 2022 වර්ෂය අවසාන වන විට රුපියල් මිලියන 248.8ක මුදලක් වැය කර තිබුණි.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර තිබූ රුපියල් මිලියන 248.8ක මුළු වියදමින් සියයට 73ක් එනම් රුපියල් මිලියන 180.9කට ආසන්න මුදලක් ව්‍යාපෘතියේ පරිපාලන කටයුතු සඳහා වැය කර තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ව්‍යාපෘතියේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රජය විසින් ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම නිසා ඒ වන විට මිල දී ගෙන තිබූ ඨගඡගී යන්ත්‍ර 1,465කින් 500ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ද, 965ක් වන ඉතිරි ප්‍රමාණය ප්‍රවාහන අමාත්‍යාංශයට ද භාර දී තිබුණි. සහසර බස් නව්‍යකරණ ව්‍යාපෘතිය සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි බස් රථ 23000කට ආසන්න ප්‍රමාණයක් (2018 – 2023) සඳහා රුපියල් මිලියන 26,860ක මුදලක ඇස්තමේන්තුවක් සකස් කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment