ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම පැෂන් එකක් වෙලා:

68

අවුරුදු 75 න් 40 ක්ම රට පාලනය කළ පක්‍ෂ නායකයා මෙතෙක් ගත් තීරණ වැරැදියි කියා කියනවා
– පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් :

(පාර්ලිමේන්තු නව සැසිවාරය)

අද ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම ෆැෂන් එකක් වෙලා. එදා හැමදේටම කොමිෂන් දානවා වගේ අද ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනවා.

මේ ප්‍රතිපත්ති මාලාවෙන් කියන්නේ හිටපු ආණ්ඩු කළ ආර්ථික, දේශපාලන වැඩ සම්පූර්ණයෙන් වැරැදි ලෙස කළා කියල. මේ ප්‍රතිපත්තිය හොඳයි නම් වැරැදි ඒවා මොනවාද? මේක හරිනම් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කරපුවා වැරැදියි කියලයි කියන්නේ. අද ආණ්ඩුව ඒක පිළිගන්නවා. මෙතෙක් කල් ගත් තීරණ වැරැදියි කියලා ජනපති කියනවා. මේ වැරැදි තීරණ අරන් තියෙන්නේ ඔහු නියෝජනය කළ පක්‍ෂයි. මේ රඟපෑම නිසයි තරුණ සමාජය හිනා වෙන්නේ.

අවුරුදු 75න් 40ක්ම රට පාලනය කළ පක්‍ෂ නායකයා කියනවා මෙතෙක් ගත්ත තීරණ වැරැදියි කියලා. ජනවර්ග අතර විරහිතය නැති කරනතාක් අපිට දියුණු විය නොහැකියි. ඉන්දියාව හොඳම උදාහරණයයි.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment