ලංකා බැංකුව මෙවර කාන්තා දිනය සමරමින් ‘කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික පත්’ උත්සවාකාරයෙන් එළිදක්වයි

112

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලංකා බැංකුව විසින් ‘කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික පත්’ එළිදැක්වීම ලංකා බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර, ඒ වෙනුවෙන් පැවැත් වූ උත්සවය ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා, මහා කළමනාකරු රසල් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකරණ සාමාජික සාමාජිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහභාගි වූ අතර, එහි දී ලංකා බැංකුව අභිනවයෙන් හඳුන්වා දුන් ‘කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික පත්’ ගනුදෙනුකාරිණියන් 6 දෙනෙකු වෙත පිරිනැමිණි.

මෙරට කාන්තාවන්ගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමේ අරමුණින් මෙන්ම බැංකුවේ කාන්තා ගනුදෙනුකරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හඳුන්වා දෙන ලද ‘කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික පත්’ රුපියල් 25,000, රුපියල් 50,000, රුපියල් 100,000, රුපියල් 250,000, රුපියල් 250,000 සහ රුපියල් 500,000 යන මුහුණත් වටිනාකම්වලින් නිකුත් කෙරෙන අතර, ඒ සඳහා ආකර්ෂණීය වාර්ෂික පොලී අනුපාතයක් ද පිරිනමයි. මීට අමතරව, ‘ඊධක්‍ කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික පත්‘ අරඹන ගනුදෙනුකාරිණියන්ට පරිසර හිතකාමී අයුරින් නිෂ්පාදිත ආහාර බහාලු‍ම් 4 ක කට්ටලයක් තිළිණ කිරීම ද විශේෂිතය.

Spring and Summer ආයතනයේ අධ්‍යක්ෂිකා එස්. විජේගුණවර්ධන මහත්මිය, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා අතින් ‘කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික පත’ ලබා ගත් අවස්ථාව. ප්‍රධාන ආරාධිතයා වූ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා සහ ලංකා බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවෝ ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment