සතුන් වත්තෙන් අතුරුදන්ව සිටි  නිල් මාල ගිරවා හමු වෙයි

397

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක සිටියදී මාස 07ක් තිස්සේ අතුරුදන්ව සිටි රුපියල් 1,50,000 ක් වටිනා නිල් මාල ගිරවා ඉකුත් 26 වැනිදා යළි සත්වෝද්‍යානයට ලැබී ඇත. මෙම ගිරවා අතුරුදන් වීමේ සිද්ධිය ‘දිවයින’ පුවත්පතේ ඉකුත් 24 වැනිදා පළවිය. මෙම ගිරවා

පසුගිය මැයි මාසයේ 7 වැනිදා සිට අතුරුදන්ව තිබුණ අතර රුපියල් 3,50,000 ක් පමණ වටිනා නිල්, කහ මැකෝ ගිරවකු ද අගෝස්තු මස 8 වැනිදා සිට කූඩුවෙන් පැන ගිය බවට වාර්තා වී තිබුණි.

කෙසේ වුවද එම ගිරවා මහජන සහයෝගය මත ඉකුත් 25 වැනිදා සවස යළි සත්වෝද්‍යානය වෙත ලැබී ඇත.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment