කල් තබන්න ඡන්දයක් නැතැයි ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

174


ඡන්දය කල් තැබීමට මුදල් නැති බවත් මුදල් තිබුණත් තියන්න ඡන්දයකුත් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම දිනයක් නම්කර නැතැයි ද කීවේය.කොමිසමේ සභාපතිවරයා සහ එක් සාමාජිකයෙක් දිනයක් නම්කර සෙසු සාමාජිකයින්ගෙන් ඒ සඳහා අනුමැතිය ඉල්ලා ඇතැයි ද කීවේය.එනිසා මැතිවරණ කොමිසම රැස්වී මැතිවරණය ගැන තීරණයක් ගෙන නැතැයි ද කීවේය.මේ සම්බන්ධව අධිකරණය හමුවේද පෙත්සමක් ගොනුකර ඇතැයිද කී ජනාධිපතිවරයා ඡන්දයක් නැතිව ඒ සඳහා මුදල් දීමට රාජ්‍ය නිලධාරීන්ට නොහැකි යැයි ද කීවේය.එනිසා මැතිවරණ කොමිසමේ නිලධාරීන් තිදෙනෙක් එක්ව කොමිසම රැස්වී මැතිවරණය සම්බන්ධව තීරණයක් ගන්නා ලෙස ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment