මධ්‍යම ආසියා කාන්තා වොලිබෝල් තරගාවලිය ලබන මස 22 වැනිදා සිට

173

මධ්‍යම ආසියා කාන්තා අභියෝග වොලිබෝල් තරගාවලිය මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තනය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය.

අදාළ තරගාවලිය සඳහා ආසියානු කලාපයේ රටවල් 8ක් තරග වැදීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ එහිදී ”බී” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර උස්බෙකිස්තානය, මාලදිවයින සහ කසකස්තානය ඊට අයත් සෙසු රටවල් වෙයි.

”ඒ” කාණ්ඩය යටතේ නේපාලය, කිරිගිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව තරග වදී.

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සහ නේපාල වොලිබෝල් සම්මේලනය ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය මැයි මස 22 සිට 28 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ..

අදාළ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ පුහුණු සංචිතය දැන් ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 30 දාට පෙර එම අවසන් දොළොස් දෙනාගේ සංචිතය තෝරා ගැනීමට නියමිත වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment