ආර්ථිකය හරි පීල්ලට – මහ බැංකුව කියයි

83

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම ඉදිරි කාලයේදී අඛණ්ඩව සිදුවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ගිය වසරේ (2023) මුල් කාර්තු දෙකේ ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළද 2023 තුන් වන කාර්තුවේදී වාර්තා කළ ධන ආර්ථික වර්ධනය සියයට 1.6 සිට 2023 සිවුවන කාර්තුවේදී සියයට 4.5 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම ආර්ථික වර්ධන ප්‍රවණතාව ඉදිරි කාර්තුවල දීද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මහ බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මාර්තු මස මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මේ බව සඳහන් වේ. 2022 වසරේ වාර්තා වූ සියයට 7.3ක (සංශෝධිත) ඍණ ආර්ථික වර්ධනය හා සැසඳීමේදී 2023 දෙවන මාස හයේදී වාර්තා වූ හිතකර ආර්ථික වර්ධනය නිසා ගිය වසරේ (2023) සමස්ථ ආර්ථික වර්ධනය ඍණ සියයට 2.3 දක්වා අඩුවී ඇති බවද එහි තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment